තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධි ලාභයෙන් අනතුරුව තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත් ශාන්ත ප්‍රණීත අතක්කාවචර ධර්මයේ ගම්භීරතාවට සිත යෙදු විට කෙලෙස් භරිත ලෝකයාට දැකීමට දුෂ්කර වූ ගැඹුරු තැන් දෙකක් දුටු සේක. එකක් ‘ඉදප‍්පච‍්චයතා’ නම් වූ පටිච්ච සමුප්පාදයයි. අනෙක සියලු සංස්කාරයන්ගේ සන්සිඳීම, සියලු උපධීන් අත්හැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, විරාගය, නිරෝධය නම් වූ නිබ්බානයයි.

පටිච්ච සමුප්පාද ධර්මයේ ගම්භීරත්වය නිසාම සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවසක් ගත වීමට පෙර පැන නැඟි විවිධ බෞද්ධ නිකායයන් අතර විවිධාකාර අර්ථ විවරණ ඒ පිළිබඳව ඉදිරිපත් කෙරුණි. වචනයක් වශයෙනුත්, දර්ශනයක් වශයෙනුත් භාරතීය දර්ශන සම්ප්රදායයන්ට ‘අමුත්තකු’ වූ පටිච්චසමුප්පාදය හඳුනා ගැනීමට දැරූ දාර්ශනික ප්රයත්නවල ප්රතිඵල වශයෙන් එකිනෙකට විරුද්ධ විග්රහ විවරණ අර්ථකථන රැගත් ප්රකරණ ග්රන්ථ රාශියක් බිහිවිය. එක් එක් බෞද්ධ නිකාය තම තමන් ගත් දෘෂ්ටි කෝණයට අනුව පටිච්ච සමුප්පාද ධර්මය විග්රහ කරන්නට විය. එනිසාම බුද්ධ දේශනාවට අනුකූල වූ නිවැරදි අර්ථකථනය කුමක්ද යන්න නිගමනය කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත.

මේ වාතාවරණය තුළ සූත්‍රාගත බුද්ධ දේශනා ඇසුරින් පටිච්ච සමුප්පාද ධර්මය විවරණ කරමින් පවත්වනු ලබූ ‘පහන් කණුව පටිච්ච සමුප්පාද දේශනා මාලාව’, විශේෂ දේශනා මාලාවක් ලෙස මෙසේ ඉදිරිපත් කෙරේ.

උපුටා ගැනුම: –
හැඳින්වීම – පටිච්ච සමුප්පාද ධර්මය ග්‍රන්ථ මාලාව

මෙම පටිචච සමුපපාද දෙසුම් 1 – 20, අනුපිළිවෙලින් පහන් කණුව දේශනා මාලාවේ 183 – 202 දේශනා බව කරුණාවෙන් සලකන්න.

 

පටිච්ච සමුප්පාද දේශනා සියල්ලම එකවිට භාගත කිරීමට (Zip file)

පටිච්ච සමුප්පාද දේශනා කිහිපයක් එකවිට භාගත කිරීමට ⇩ [File size : 269.26 MB]

සැලකිය යුතුයි: පැරණි MP3 ධාවකවල මෙම ගොනු ධාවනය කිරීමේ අපහසුතා ඇතිවිය හැක.

  1. පටිච්ච සමුප්පාදය 01     ▶ 59:27 Download
  2. පටිච්ච සමුප්පාදය 02     ▶ 59:28 Download
  3. පටිච්ච සමුප්පාදය 03     ▶ 1:00:54 Download
  4. පටිච්ච සමුප්පාදය 04     ▶ 59:37 Download
  5. පටිච්ච සමුප්පාදය 05     ▶ 1:01:58 Download
  6. පටිච්ච සමුප්පාදය 06     ▶ 1:00:59 Download
  7. පටිච්ච සමුප්පාදය 07     ▶ 1:00:16 Download
  8. පටිච්ච සමුප්පාදය 08     ▶ 1:01:17 Download
  9. පටිච්ච සමුප්පාදය 09     ▶ 58:27 Download
  10. පටිච්ච සමුප්පාදය 10     ▶ 1:00:05 Download
  11. පටිච්ච සමුප්පාදය 11     ▶ 1:02:27 Download
  12. පටිච්ච සමුප්පාදය 12     ▶ 58:31 Download
  13. පටිච්ච සමුප්පාදය 13     ▶ 1:01:38 Download
  14. පටිච්ච සමුප්පාදය 14     ▶ 1:01:37 Download
  15. පටිච්ච සමුප්පාදය 15     ▶ 1:03:26 Download
  16. පටිච්ච සමුප්පාදය 16     ▶ 1:01:23 Download
  17. පටිච්ච සමුප්පාදය 17     ▶ 59:08 Download
  18. පටිච්ච සමුප්පාදය 18     ▶ 1:01:25 Download
  19. පටිච්ච සමුප්පාදය 19     ▶ 58:37 Download
  20. පටිච්ච සමුප්පාදය 20     ▶ 59:27 Download