බුද්ධ දේශනාවෙහි දැක්වෙන ප්‍රතිපත්ති මාර්‍ගයේ අවසාන පරමාර්ථය වන ‘නිවන’ පිළිබඳව ඈත අතීතයේ පටන්ම විවිධ මතිමතාන්තර ප්‍රකාශයට පත් වී ඇත. ආර්ය අෂ්ටාංගික මාර්‍ගය ‘සම්මා දිට්ඨි’ නම් වූ ‘හරි දැක්ම’ පෙරටු කරගත් ප්‍රතිපදාවකි. එබැවින් ඒ මාර්‍ගයෙහි ගමන් කරන්නෙකුට ගමනෙහි ඉලක්කය ගැන නිරවුල් අවබෝධයක් ඇතිවිය යුතුමය. බුද්ධ වචනයට අනුකූලව එවැනි අවබෝධයකට මඟ හෙළි කිරීම මෙම දේශනා මාලාවේ පරමාර්ථය විය.

මීතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි ප්‍රධාන කර්මස්ථානාචාර්‍යයන් වහන්සේ වශයෙන් වැඩ විසූ, අපවත් වී වදාළ අතිපූජනීය මහෝපාධ්‍යාය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් අප වෙත කරන ලද සමාරාධනය මේ දේශනා පෙළට ආසන්න නිමිත්ත විය. අපගේ ගුරුදේවයන් වහන්සේ වූ උන්වහන්සේ, මෙයට වසර කීපයකට පෙර නිස්සරණ වන යෝගාවචර සඟ පිරිසට ඉදිරිපත්වු එක්තරා ධර්ම ගැටළුවකදී ‘නිවන’ පිළිබඳව දේශනා පෙළක් පැවැත්වීම ප්‍රයෝජනවත් විය හැකි බවත්, ඒ දේශනා පටිගත කරගැනීමට කටයුතු යෙදිය හැකි බවත් පවසමින් අප වෙත කරන ලද දයාන්විත ආරාධනය පිළිගැනීමට මුලදී පසුබට වීමු. යළිත් එම ආරාධනාව කළ අවස්ථාවේදී, එසේ පසුබට වීමට එක් හේතුවක් වශයෙන් අප සඳහන් කළේ ‘නිවන’ සම්බන්ධයෙන් දැනට ප්‍රචලිතව ඇති ඇතැම් මතිමතාන්තර කෙරෙහි අප දක්වන වෙනස් ආකල්පය නිසා ඇතිවිය හැකි ප්‍රතිචාරයය. එවිට උන්වහන්සේ වදාළේ: “ඒකට කමක් නෑ …. මා ආරාධනා කළ බව දේශනාවේදීම කියන්න” යනුවෙනි.

ඒ සා උදාර පැවරීමකින් උත්සාහවත්ව ආරම්භ කැරුණු මෙම දේශනා මාලාව දෙවසරකට වැඩි කාලයක් තිස්සේ (1988.08.12 – 1991.01.30) දෙපෝයකට වරක් බැගින් අප ගුරුදේවයන් වහන්සේගේ අතිපූජනීය පාදමුලයේදී නිස්සරණ වනයේ අප සබ්‍රහ්මචාරී ගරුතර යෝගාවචර සඟ පිරිස හමුවේ පවත්වන්නට යෙදුණි. ගිලන්වූ ඇතැම් අවස්ථාවලදී පවා මාහිමිපාණන් වහන්සේ යහන්ගතව දෙසුමට සවන් දුන්හ. උන්වහන්සේ බැහැර සෙනසුනෙක වැඩ විසූ එක් අවස්ථාවෙක, මාහිමිපාණන් වහන්සේ මුල’සුනෙහි නොමැතිව දේශනා පැවැත්වීම සම්බන්ධයෙන් පැනනැඟුනු ප්‍රශ්නයක් නිසා එක් දේශනා වාරයක් මඟ හැරුණි. ඒ බැව් සැළවූ විට. නොකඩවාම දේශනාමාලාව පැවැත්විය යුතු බවත්, තමන් වහන්සේට ඒ දෙසුම් පටිගත කළ පසුව වුවද ඇසිය හැකි බවත්, උන්වහන්සේ වදාළහ. අප ගුරු දේවයන් වහන්සේගේ ඒ උදාර මුදිතා ගුණයට හා ධර්මකාමී ශාසන දයාවට නමස්කාර වේවා!

දෙසුම් 33 කින් පරිමිත මෙම දේශනා මාලාව පැවැත්වීමේදී අප අනුගමනය කළ විවරණ මාර්‍ගය අනුව හේතුසාධක වශයෙන් පෙළ අටුවා ආදියෙන් කොතෙකුත් උඩෘත පාඨ ගෙනහැර දැක්වීමට සිදුවිය. ඒ අනුව එක්තරා බුද්ධිගෝචර රටාවක් මෙහි දැකිය හැකි නමුදු අප පරමාර්ථය වූයේ සද්ධර්මයේ සජීව ප්‍රායෝගික පක්‍ෂය ඉස්මතු කර දීමමය. ඇතැම් විට හුදු බුද්ධිවාදයක අතරමං වී සිටින උගතුන් කිසියම් ධර්මප්‍රබෝධයක් තුළින් ප්‍රතිපදාව වෙතට යොමුකරවා ගැනීමට මේ විවරණ මාර්ගය උපකාරවත් විය හැකිය. කෙසේ හෝ වේවා, යමෙකුට ධර්මරසය විඳිමින්ම දෙසුමකට සවන්දිය හැකිවන අයුරින් විවිධ උපමා, උපමා කථා, නිදර්ශන ආදියෙන් දෙසුම් පෙළ පණපෙවීමට උත්සාහවත් වීමු. බුදු පියාණන් වහන්සේ වදාළ පරිදිම, “මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙකිනුදු දෙසුමෙක අරුත මැනැවින් වටහා ගනිත්”.

 

දේශනා කිහිපයක් එකවිට භාගත කිරීමට (Zip files)

නිවනේ නිවීම නව පටිගත කිරීම දේශනා 01 සිට 11ට භාගත කිරීමට ⇩ [File size : 123.30 MB]
නිවනේ නිවීම නව පටිගත කිරීම දේශනා 12 සිට 22ට භාගත කිරීමට ⇩ [File size : 121.61 MB]
නිවනේ නිවීම නව පටිගත කිරීම දේශනා 23 සිට 33ට භාගත කිරීමට ⇩ [File size : 124.09 MB]

නිවනේ නිවීම නව පටිගත කිරීම දේශනා සියල්ලම එකවිට භාගත කිරීමට ⇩ [File size : 369.00 MB]

සැලකිය යුතුයි: පැරණි MP3 ධාවකවල මෙම ගොනු ධාවනය කිරීමේ අපහසුතා ඇතිවිය හැක.

  1. නිවනේ නිවීම නව පටිගත කිරීම 01     ▶ 49:42 Download
  2. නිවනේ නිවීම නව පටිගත කිරීම 02     ▶ 57:40 Download
  3. නිවනේ නිවීම නව පටිගත කිරීම 03     ▶ 52:54 Download
  4. නිවනේ නිවීම නව පටිගත කිරීම 04     ▶ 52:14 Download
  5. නිවනේ නිවීම නව පටිගත කිරීම 05     ▶ 53:04 Download
  6. නිවනේ නිවීම නව පටිගත කිරීම 06     ▶ 52:29 Download
  7. නිවනේ නිවීම නව පටිගත කිරීම 07     ▶ 57:08 Download
  8. නිවනේ නිවීම නව පටිගත කිරීම 08     ▶ 58:20 Download
  9. නිවනේ නිවීම නව පටිගත කිරීම 09     ▶ 56:06 Download
  10. නිවනේ නිවීම නව පටිගත කිරීම 10     ▶ 57:42 Download
  11. නිවනේ නිවීම නව පටිගත කිරීම 11     ▶ 55:49 Download
  12. නිවනේ නිවීම නව පටිගත කිරීම 12     ▶ 56:08 Download
  13. නිවනේ නිවීම නව පටිගත කිරීම 13     ▶ 58:11 Download
  14. නිවනේ නිවීම නව පටිගත කිරීම 14     ▶ 49:20 Download
  15. නිවනේ නිවීම නව පටිගත කිරීම 15     ▶ 53:44 Download
  16. නිවනේ නිවීම නව පටිගත කිරීම 16     ▶ 54:21 Download
  17. නිවනේ නිවීම නව පටිගත කිරීම 17     ▶ 54:30 Download
  18. නිවනේ නිවීම නව පටිගත කිරීම 18     ▶ 56:07 Download
  19. නිවනේ නිවීම නව පටිගත කිරීම 19     ▶ 55:07 Download
  20. නිවනේ නිවීම නව පටිගත කිරීම 20     ▶ 54:09 Download
  21. නිවනේ නිවීම නව පටිගත කිරීම 21     ▶ 51:53 Download
  22. නිවනේ නිවීම නව පටිගත කිරීම 22     ▶ 56:13 Download
  23. නිවනේ නිවීම නව පටිගත කිරීම 23     ▶ 54:47 Download
  24. නිවනේ නිවීම නව පටිගත කිරීම 24     ▶ 54:13 Download
  25. නිවනේ නිවීම නව පටිගත කිරීම 25     ▶ 56:24 Download
  26. නිවනේ නිවීම නව පටිගත කිරීම 26     ▶ 58:43 Download
  27. නිවනේ නිවීම නව පටිගත කිරීම 27     ▶ 55:36 Download
  28. නිවනේ නිවීම නව පටිගත කිරීම 28     ▶ 55:00 Download
  29. නිවනේ නිවීම නව පටිගත කිරීම 29     ▶ 57:56 Download
  30. නිවනේ නිවීම නව පටිගත කිරීම 30     ▶ 58:39 Download
  31. නිවනේ නිවීම නව පටිගත කිරීම 31     ▶ 58:23 Download
  32. නිවනේ නිවීම නව පටිගත කිරීම 32     ▶ 56:17 Download
  33. නිවනේ නිවීම නව පටිගත කිරීම 33     ▶ 46:27 Download